Fly high Get bonus Aviator Phone

සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවට විශ්ව විද්‍යාල සිසුවියක් සහ සිසුවෙක් දිවි නසාගෙන

පෞද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ සියදිවි හානිකරගත් සිසුවියක් හා සිසුවෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දාවනගෙරේ හී පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් හා සිසුවෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිසුවා සහ සිසුවිය ප්‍රේම සම්බන්ධතාවක් පවතවාගෙන ගොස් ඇති අතර, විශ්ව විද්‍යාලයේ ගොඩනැඟිල්ලක් තුළ මොවුන් දෙදෙනා සමීපව සිටින අවස්ථාවක දී කිසියම් අයෙකු එය හොර රහසේ වීඩියෝ ගතකර තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා විසින් එම වීඩියෝව පසුගිය දා සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එම වීඩියෝව සිසුවා සහ සිසුවියගේ පවුල්වල සාමාජිකයින්ට ද හමුවීමෙන් පසු ඊට සිත්තැවුලට පත් සිසුවිය පසුගිය සිකුරාදා දිනයේ සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවිය සියදිවි හානිකරගත් පුවත සැලවීමත් සමඟ සිසුවා ද එදින රාත්‍රියේ සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සිසුවා සහ සිසුවියගේ මව්පියන් විසින් වෙන් වෙන්ව පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිලිවලට අනුව අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය එක්කළ පුද්ගලයා සොයා විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
4
+1
1
+1
27
+1
5
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?