සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවට විශ්ව විද්‍යාල සිසුවියක් සහ සිසුවෙක් දිවි නසාගෙන

පෞද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ සියදිවි හානිකරගත් සිසුවියක් හා සිසුවෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දාවනගෙරේ හී පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් හා සිසුවෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිසුවා සහ සිසුවිය ප්‍රේම සම්බන්ධතාවක් පවතවාගෙන ගොස් ඇති අතර, විශ්ව විද්‍යාලයේ ගොඩනැඟිල්ලක් තුළ මොවුන් දෙදෙනා සමීපව සිටින අවස්ථාවක දී කිසියම් අයෙකු එය හොර රහසේ වීඩියෝ ගතකර තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා විසින් එම වීඩියෝව පසුගිය දා සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එම වීඩියෝව සිසුවා සහ සිසුවියගේ පවුල්වල සාමාජිකයින්ට ද හමුවීමෙන් පසු ඊට සිත්තැවුලට පත් සිසුවිය පසුගිය සිකුරාදා දිනයේ සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවිය සියදිවි හානිකරගත් පුවත සැලවීමත් සමඟ සිසුවා ද එදින රාත්‍රියේ සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සිසුවා සහ සිසුවියගේ මව්පියන් විසින් වෙන් වෙන්ව පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිලිවලට අනුව අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය එක්කළ පුද්ගලයා සොයා විමර්ශන ආරම්භකර තිබෙනවා.

  1. ලංකාවේ අයට මේක හොඳ පාඩමක් මොකද මේ වගේ මෝඩ තීරන ගන්නෙ අවබෝධයක් නැතිකම නිසා. මේ වගේ දේවල් වලට 100% නීතිමය විසදුම් ඕනතරම් තියනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23