AFC Banner
AFC Banner
Empty Ad

සම්බාහන හලක දී වෙදෙකුගෙන් ලක්ෂ 10ක මුදල් කොල්ලකෑ සැකකරුවන්ව රස පරීක්ෂක වෙත

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා ඔහු සතු රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ බැංකු ගිණුමකට බැර කරවා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් සිව්දෙනා හෙට (26) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඔවුන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා බම්බලපිටිය පොලිසියට අද (25) නියෝග කළා.

සිද්ධියට අදාළ ව සිදු කරන විමර්ශන කටයුතු සඳහා එම සැකකරුවන් සිව් දෙනාගේ DNA වාර්තා ලබා ගැනීමට අවශ්‍යව බැවින් ඔවුන් සිව්දෙනා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසට බම්බලපිටිය පොලිසිය මෝසමක් ඉදිරිපත් කරමින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එලෙස නියම වුණා.

එම සැකකරුවන් සිව්දෙනා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

එම සිද්ධිය වු ස්ථානයේ තිබී සොයාගන්නා ලද සැකකරුවන්ගේ රෝම කූප ඇතුළු නඩුවට අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙසට බම්බලපිටිය පොලිසිය පෙර නඩු වාරයේ දී අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා ද අවසර හිමිව ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පැමිණිකාර වෛද්‍යවරයා මාධ්‍ය ජාලා මෘදුකාංගයක් හරහා සම්බන්ධ වූ පුද්ගලයකු හරහා සම්බාහනයක් කර ගැනීම සඳහා බම්බලපිටිය ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් වෙත ගොස් සිටි අවස්ථාවේදී සැකකාර පුද්ගලයන් සිව්දෙනා පැමිණිකාර වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝ ගත කර එම දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින බවට බියගන්වා ඔහු සතු රුපියල් 10 ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔවුන්ගේ ගිණුම්වලට බැර කරවාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනා නොවැම්බර් මස 12 දින දක්වා තවදුරටත් රක්ෂක බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?