spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සබරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහර දුන් ජ්‍යෙෂ්ඨයෝ රිමාන්ඩ්

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කල එම පීඨයේම ජේෂ්ඨ සිසුන් 07 දෙනෙකු ලබන (14)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ අද (12)දින නියෝග කළා.

ඔවුන් සමනල වැව පොලිසිය වෙත භාර විමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට සමනල වැව පොලිසිය කටයුතු කරනු ලැබුවා.

ඉකුත් (09) වනදා රාත්‍රීයේ විදුලිය විසන්ධි කර පොලු මුගුරු වලින් සිසුන් පිරිසක් විසින් පහර දිම හේතුවෙන් පහර කැමට ලක්ව තුවාල ලැබු එම සිසුවියක සහ සිසුන් දෙදෙනා රෝහල් ගත කෙරුණා.

ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැකර එවීමට පඔහින්න රෝහල් කාර්ය්‍ය මණ්ඩලය කටයුතු කළා.

තමන් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපනශාලාවේ රාත්‍රී ආහාර ලබා ගනිමින් සිටිය දී ජේෂ්ඨ සිසුන් පිරිසක් පැමිණ විදුලිය නිමා තමන්ට පොලු මගුරැ වලින් පහර දුන් බවට පහර කෑමට ලක් වු සිසුන් සමනල වැව පොලිසිය වෙත පවසා තිබුණා.

එක් සිසුවකුගේ මුඛයට පහරදීම හේතුවෙන් ඔහුගේ දත්වලට හානි සිදුව ඇති බව පොලිසිය පවසනවා.

පහර කැමට ලක්ව බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවිය සහ සිසුන් දෙදෙනා අද (12) දහවල් වන විටත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?