spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සනිටයිසර් බිව් රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර (හෑන්ඩ් සැනිටයිසර්) පානය කරනු ලැබු ඉරාන ජාතික රැඳවියන් දෙදනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ චෝදනා මත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිරකරුවන් සඳහා මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් ලබාදුන් හෑන්ඩ් සනිටයිසර් එලෙස පානය කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එලෙස හෑන්ඩ් සැනිටයිසර් පානය කළ තවත් ඉරාන ජාතික රැඳවියන් 10 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවද ඔහු සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?