සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් (වීඩියෝ)

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමෙන් අනතුරුව මේ වනවිට විශාල ජනතාවක් අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටිනවා.

එසේම, අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීයා වූ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

ඊට අමතරව අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමාත්‍යවරයාගේ ජීප් රථයේ රියදුරා පෙබරවාරි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පළමුවෙන් මහජන ගෞරවය සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු අතර, එහිදී දේශපාලනඥයින්, පාක්ෂිකයන් ඇතුලු බොහෝ පිරිසක් පැමිණ දේහයට අවසන්
ගෞරව දක්වනු ලැබුවා.

බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත ඊයේ පස්වරුවේ රැගෙන ගියා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහරකින් නිවසට රැගෙන ගිය අතර, මග දෙපස විශාල ජනතාවක් රැස්වෙමින් ඔහුට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

අනතුරුව ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ නිවසට දේහය රැගෙන එනු ලැබූ අතර, මේ වනවිට මහජන ගෞරවය සඳහා දේහය එහි තැන්පත් කර තිබෙනවා.

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් හෙට ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට නියමිතයි.

කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී පෙරේදා සිදු වූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තා පෙබරවාරි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය ලබාදුන්නා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට දිවි අහිමි වූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට විශේෂ කරුණු දැක්වීමක් කර තිබෙනවා.

ඒ අනුව වසර 10 ක පමණ කාලයක සිට ඔහුගේ රියදුරා ලෙස කටයුතු කළ ප්‍රභාත් එරංග මහතා පොලීසිය හමුවේ පවසා ඇත්තේ,

“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා.ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” යනුවෙනුයි.

කෙසේ වෙතත්, අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග සනාථ කළේ විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවටයි.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේගී මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වනවා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

එසේම, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02