AFC Banner
Empty Ad
Empty Ad

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩු කරයි

ලංකා සතොස යළිත් වරක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩු කර තිබෙනවා.

මෙම මිල අඩු කිරීම අද සිට සියලුම සතොස අලෙවිසැල් වල ක්‍රියාත්මක වන බවයි එම ආයතනය සඳහන් කළේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව වටානා පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305ක්.

රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 164ක්.

ආනයනික සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 179ක්.

දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 64 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 180ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?