සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩු කරයි

ලංකා සතොස යළිත් වරක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩු කර තිබෙනවා.

මෙම මිල අඩු කිරීම අද සිට සියලුම සතොස අලෙවිසැල් වල ක්‍රියාත්මක වන බවයි එම ආයතනය සඳහන් කළේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව වටානා පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305ක්.

රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 164ක්.

ආනයනික සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 179ක්.

දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 64 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 180ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56