සජබ මැයි රැළියේ දී ගැටුණු හරීන් – ෆොන්සේකා වේදිකාව උඩදීත් වචනවලින් ගැටෙයි

ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව සමඟි ජන බලවේගයේ මැයි දින රැළිය “සමගියේ බලය පෙන්වන මැයි 1 නිදහස් අරගලය” තේමාව යත්තේ ඊයේ පැවැත්වුණේ පෑලියගොඩදීයි.

මෙම රැළියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අතර කිසියම් බහින් බස්වීමක් සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මධ්‍යයේ කතාබහක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් සමඟි ජන බලවේග මැයි දින රැළි වේදිකාවේ දී සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ට සිය අදහස් පළකරන්නට අවස්ථාව සලසා දී තිබුණේ ඔවුන් දෙදෙනාම එම පක්ෂයේ ප්‍රබල කථිකයින්වීම හේතුවෙන්.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය සහ ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝගය හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

එලෙස ගෙන එනු ලබන විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂව සහාය අදක්වන පිරිස් කවුරුන්ද යන්න ජනතාවට දැක ගැනීමට හැකිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ කයුතු සැලසුම් කර ඇති බවයි එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විශ්වාසභංගයට අත්සන් නොකරන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට ගමට පැමිණීමට අවස්ථාව ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ “සමහර චන්ඩි ආසයි සරමෙන් අල්ලලා උස්සන්න කැමතිනම් එහෙම හරි කරන්න” යනුවෙන්.

මේ අතර එම මැයි දින රැළිය අමතමින් සමඟි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කළේ හොරු අල්ලා දඬුවම් කරන ලෙස බොහෝ පිරිස් තමන්ගෙන් ඉල්ලීම් සිදුකරන බවයි.

එම ඉල්ලීම් අනුව තම ජීවිතය පරදුවට තබා හෝ එම වගකීම ඉටුකර බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කර සිටියේ “මුන් ගිහිල්ල කොහේ හැංගිලා හිටියත් අපි අනිවාර්යයෙන් අල්ලනවා, මේ මුදල් ජනතාවට ලබාදෙනවා, ඊට පස්සේ හම්බෙන්නේ නෑ එක එකාට ගිහිල්ලා බඩ යනවා කියලා CID එක එනවා කියලා ඉස්පිටිතාලවලට වෙලා හැංගිලා ඉඳගෙන සරම උස්සන් හිටියත් පහත දාගෙන හිටියත් එහෙම හැංගිලා ඉන්න වෙන්නේ නෑ එකෙකුටවත්” යනුවෙන්.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ එම ප්‍රකාශයක් දෙදෙනා අතර සිදු වූ වාග් ප්‍රහාර මාලාවක් බවයි බොහෝ දෙනෙකුට හැඟී ගියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.11
00:00
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48
Video thumbnail
රට වැටෙන එක නවත්තන්න අනුරට බෑ - ඩොලරය 370ට ගියොත් අනුරට ගෝඨාභය හම්බවෙනවා
04:32
Video thumbnail
අජිත්, චමින්ද, හර්ෂණ උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මම මේකට උත්තර දෙන්න බැදිලා නෑ
07:14