සංග්‍රාමික ඉංජිනේරු සම්මන්ත්‍රණය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

වේගවත් තාක්‍ෂණික වෙනස්වීම්, පරිණාමය වෙමින් පවතින තර්ජන සහ සංකීර්ණ ගෝලීය අභියෝග මගින් අර්ථ දක්වා ඇති යුගයක, අනුවර්තනය වීමේ හැකියාව විකල්පයක් පමණක් නොව එය අවශ්‍යතාවයක් බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසනවා.

ඊයේ (03) කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්මන්ත්‍රණය අමතමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්මන්ත්‍රණ පරිශ්‍රය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ ඉංජිනේරු බලකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

“Adapting for the Future: Strategic Approaches of the Corps of Sri Lanka Engineers Blueprint for the Evolving Geostrategic Landscape” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණා.

ජාතිය ගොඩනැගීමේදී ඉංජිනේරු බලකායේ අත්‍යවශ්‍ය කාර්යභාරය නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කතාවේදී අවධාරණය කළ අතර, පාරිසරික ගැටලුවලින් ඔබ්බට සමාජ පරිවර්තනය පිළිබඳ පුළුල් දැක්මක් දක්වා විහිදෙන රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල පිළිබදව ද, ඔහු මෙහිදී අදහස් දැක්වූවා.

යටිතල පහසුකම් සංවර්ධනය සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉංජිනේරු විශේෂඥතාව උපයෝගී කර ගැනීමට ඉංජිනේරුවන් අද්විතීය ලෙස ස්ථානගත වී ඇති බව ද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්, මානුෂීය ආධාර, ආපදා සහන මෙහෙයුම් සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් ඉංජිනේරු බලකාය විසින් ඉටු කරන අතර, ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සහ මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා විශේෂඥතාව සඳහා වන ඉහළ ඉල්ලුම පිළිබඳව ඔහු තවදුරටත් අවධානය යොමු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46