spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකික දරුවන් යුරෝපයට ගෙන යන්න බලපත්‍ර හදන ජාවාරමක් හෙළිවෙයි

මැලේසියානු ජාත්‍යන්තර විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් ශ්‍රී ලාංකික දරුවන් යුරෝපයට ප්‍රවාහනය කළ ජාවාරමක් හෙළි කර ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

මැලේසියානු ජාතික පුවත් ඒජන්සිය වන බර්නාමා අනුව, එරට ආගමන අධ්‍යක්ෂ ජනරාල් Datuk Ruslin Jusoh ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකික දරුවෙකු සඳහා මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පසුගිය බදාදා (12) ඔවුන් ක්වාලාලම්පූර් ආගමන මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

‘බහ්නු ඉන්ටර්නැෂනල්’ නම් සැකකාර කණ්ඩායම විසින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වයස අවුරුදු 12ට අඩු දරුවන් සිටින දුප්පත් මැලේසියානු දෙමාපියන් යොදා ගෙන ඇති බවට හෙළිවී තිබෙනවා.

මැලේසියාවේ සංක්‍රමණ දෙපාර්තමේන්තුව එරට විවාහක යුවළක් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ.

දරුවාට විදේශ ගමන් බලපත්‍රයක් සෑදීමට අවශ්‍ය මුවාවෙන් තම දරුවාගේ උප්පැන්න සහතිකය ආගමන විගමන කාර්යාලයට ගෙන ඒමට මෙම සැකකරුවන් දෙමාපියන් රවටා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ආගමන කවුන්ටරයේ අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී, මැලේසියානු දරුවාගේ වයසට ආසන්න ශ්‍රී ලාංකිකයෙකු ඔවුන්ගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූපය ලබා දීම සඳහා කවුන්ටරය වෙත රැගෙන යනු ලබනවා.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු, මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික දරුවා යුරෝපයට ගෙන ඒම සඳහා මහ මොළකරුවන් වන මැලේසියා ස්වාමිපුරුෂයා සහ බිරිඳ දරුවා ප්‍රවාහනය කරන්නන් ලෙසට ක්‍රියා කර බව සඳහන්.

මැලේසියා ආගමන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එදින විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රය සකස් කරමින් සිටි ආගමන නිලධාරියා මැලේ භාෂාව කතා කළ නොහැකි දරුවාට වඩා ඔහුගේ භාරකරු සැලකිය යුතු ලෙස වෙනස් පෙනුමක් තිබීම හේතුවෙන් ඇති වූ සැකයක් මත සොයා බලා ඇති බවයි.

තම දරුවා ආගමන විගමන කාර්යාලයට රැගෙන ඒම සඳහා මැලේසිය දෙමාපියන්ට සැකකරුවන් RM500ක් (Malaysian Ringgit) ගෙවා ඇතැයි ද සඳහන්.

මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර මත යුරෝපයට රැගෙන යන සෑම ශ්‍රී ලාංකික දරුවෙකු සඳහාම යුරෝ 30,000 ත් 50,000 ත් අතර ප්‍රමාණයක් සැකකාර කණ්ඩායමට ලැබුණු බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

මෙම ජාවාරම කොපමණ කාලයක් ක්‍රියාත්මක වී ඇත්ද සහ ළමයින් කොපමණ සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇත්ද යන්න සෙවීමට පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

අවුරුදු 37 සහ 26 වයස්වල පසුවන මෙම මැලේසියා යුවළට අද ක්වාලාලම්පූර් අධිකරණයේදී පුද්ගල ජාවාරම් කිරීම සහ සංක්‍රමණිකයින් ජාවාරම් කිරීම වැළැක්වීමේ පනතේ (ATIPSOM) 26A වගන්තිය යටතේ චෝදනා එල්ල වුණා.

එවැනි ජාවාරම්වලින් ලැබෙන දීමනා සහ වංචාවලට හසු නොවන ලෙසටයි මැලේසියා ආගමන විගමන දෙපාර්තමේන්තුව එරට මහජනතාවට උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?