ශ්‍රී ලාංකිකයෙකුගේ වංචාවකට හසුවී කටුනායකට පැමිණි මැලේසියා ජාතිකයෙක් පිටුවහල් කරයි

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ මැලේසියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙත පිටුවහල් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

33 හැවිරිදි මැලේසියානු ජාතික සැකකරු පසුගිය 10වනදා අබුඩාබිහිදී හමුවූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකුට තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත තම ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ලබා දී ඇතැයි සඳහන්.

ශ්‍රී ලාංකික තරුණයා එම ලියකියවිලි උපයෝගී කර ගනිමින් එදිනම එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව මෙම මැලේසියානු ජාතිකයා ශ්‍රී ලාංකික තරුණයාගෙන් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබා ගෙන තිබෙනවා.

ඉන්පසුව මොහු ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ මැලේසියානු තානාපති කාර්යාලය වෙත ගොස් තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ බව පවසා නව ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේ අරමුණින් ඊයේ පස්වරු 04.20ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී මෙරටට ඇතුළු වීම සදහා අවශ්‍ය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමට යාමේදී ඔහුට භාෂා උච්චාරණයේ ඇති වූ ගැටළුකාරී තත්වය මතයි මෙම කරුණු සියල්ල අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙම මැලේසියානු ජාතිකයා අත් අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පසුව ඔහු පැමිණි කටාර් ගුවන් සේවා යානයෙන්ම ආපසු දෝහා වෙත රැගෙන යාම සදහා එම ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
7
+1
4
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?