ශ්‍රී ලාංකිකයෙකුගේ වංචාවකට හසුවී කටුනායකට පැමිණි මැලේසියා ජාතිකයෙක් පිටුවහල් කරයි

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ මැලේසියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙත පිටුවහල් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

33 හැවිරිදි මැලේසියානු ජාතික සැකකරු පසුගිය 10වනදා අබුඩාබිහිදී හමුවූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකුට තැරැව්කරුවෙකුගේ මෙහෙයවීම මත තම ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය ලබා දී ඇතැයි සඳහන්.

ශ්‍රී ලාංකික තරුණයා එම ලියකියවිලි උපයෝගී කර ගනිමින් එදිනම එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව මෙම මැලේසියානු ජාතිකයා ශ්‍රී ලාංකික තරුණයාගෙන් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබා ගෙන තිබෙනවා.

ඉන්පසුව මොහු ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ මැලේසියානු තානාපති කාර්යාලය වෙත ගොස් තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ බව පවසා නව ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේ අරමුණින් ඊයේ පස්වරු 04.20ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී මෙරටට ඇතුළු වීම සදහා අවශ්‍ය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමට යාමේදී ඔහුට භාෂා උච්චාරණයේ ඇති වූ ගැටළුකාරී තත්වය මතයි මෙම කරුණු සියල්ල අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙම මැලේසියානු ජාතිකයා අත් අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පසුව ඔහු පැමිණි කටාර් ගුවන් සේවා යානයෙන්ම ආපසු දෝහා වෙත රැගෙන යාම සදහා එම ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14