ශ්‍රී ලාංකිකයින් කොරියාවේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයට

ශ්‍රී ලාංකිකයින් එකොලස් දෙනෙකුට කොරියානු නැව් ඉදිකිරිම් ක්ෂේත්‍රෙයේ වෑද්දුම් ශිල්පීන් ලෙස රැකියා ගත වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ පළමු වතාවට කොරියානු රැකියා සඳහා පුහුණු ශ්‍රමික (Skill Workers) වර්ගීකරණය යටතේ පුහුණු ශ්‍රමිකයන් ලෙසින් FCAW සුදුසුකම් සහිත වෑද්දුම් ශිල්පීන් එකොළොස් දෙනෙකු කොරියාවට යොමු කිරීමෙන් අනතුරුවයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගිය වසරේ සිදු කළ කොරියානු නිල සංචාරයේ දී පුහුණු වෘත්තිකයන් සඳහා ඉතා ඉහළ වැටුප් තල සහිත රැකියා අවස්ථා මෙන් ම නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් වෙත ද විවෘත කරන මෙන් නිල වශයෙන් ඉල්ලිමක් කළා.

එම ඉල්ලීම සැලකිල්ලට ගනිමිනුයි කොරියාවේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෑද්දුම් ශිල්පීන් සඳහා රැකියා අවස්ථා විවෘත කර ඇත්තේ.

ඒ අනුව යොමු කළ පළමු කණ්ඩායම ලෙස මෙම එකොළොස් දෙනා යොමු කරන ලද අතර මෙම කාණ්ඩය ද ඉතා ම ඉහළ වැටුප් සහිත රැකියා කාණ්ඩයක් වශයෙන් සැලකෙනවා.

එසේ ම මේ වන විට ඔටෝ මොබයිල් ඩිප්ලෝමාව (Auto Mobile Diploma) සහිත වසර පහක පළපුරද්ද ඇති වෘත්තිකයන් සඳහා නැව් පින්තාරුකරුවන් ලෙසින් රැකියා අවස්ථා විවෘත කර ගැනීමට ද අමාත්‍යවරයා විසින් කටයුතු කරමින් සිටින අතර, රජයට අනුබද්ධිත විදේශ රැකියා ඒජන්සිය වන ශ්‍රී ලංකා විදේශ රැකියා එජන්සිය හරහා මෙම අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර 2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6500ක් ලැබී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙරටට 2022 වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණයි.

ඒ අනුව ගතවූ වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1453ක් ලැබී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ලෙසටයි සැලකෙන්නේ.

මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12189ක්, ධීවර අංශය 2149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසින්.

පසුගිය වසරේදී 5047ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබී තිබුණා.

ඒ අනුව මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?