ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමක්

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන් තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 07 ක් පමණ ( රුපියල් මිලියන 70 ක් ) වටිනා විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් (25) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .

නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ සිට කොළඹ සහ පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් 09 ක් මීට මාසයකට පමණ පෙර එවා තිබෙනව.

ඒවා භාර ගැනීමට මෙතෙක් කිසිදු පුද්ගලයෙකු නොපැමිණීම නිසා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් (25) දින සවස එම පෞද්ගලික කූරියර් ආයතනයේ දී , එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීම සිදු කෙරුණි . එහිදී ඒවා තුළ ” මැජික් මස් රූම් ” ග්‍රෑම් 297 ක් , මෙතැම්පටමයින් නොහොත් එක්ස්ටසී පෙති 2,000 ක් , චොක්ලට් ආකාරයට සකස් කළ මත්ද්‍රව්‍ය තොගයක් , ඇමෙරිකානු ” කුෂ් ” නැමැති ගංජා තොගයක් සහ එම ගංජා ඇට අඩංගු පාර්සල් කීපයක් ද වූ අතර මේවා සියල්ලේ මුළු බර කිලෝ ග්‍රෑම් 06 ක් .

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !