spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා යොවුන් පිළට කැන්ගරුවන් ඉදිරියේ දරුණු පරාජයක්

වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අද (28) සහභාගී වූ තරගයෙන් පරාජයට පත් වුණා.

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමඟ පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ කඩුලු 06කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 49යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 208ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනුර කළුපහන ලකුණු 64ක් රැස්කළ අතර, රවිශාන් ද සිල්වා ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කැලම් විඩ්ලර් ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමූ අතර, මහලී බෙයර්ඩ්මන් සහ ටොම් කැම්බල් අතරේ කඩුලු දෙක බැඟින් බෙදී ගියා.

තරගාවලියේ ශ්‍රී ලංකාව මීට පෙර සහභාගී වූ තරග දෙකේ දී මෙන් මෙම තරගයේ දී ද පිතිකරණ අංශය දරුණු කඩාවැටීමකට ලක්වන ආකාරය දැකගත හැකි වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් හිමි වූ ලකුණු 209ක ඉලක්කය පන්දුවාර 48යි පන්දු 05ක් තුළ පසුකර ගියා.

එහිදී ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 04ක් බිඳ වැටුණු අතර, එම කඩුලු හතර විශ්ව ලහිරු, සිනෙත් ජයවර්ධන සහ මල්ෂ තරුපති විසින් දවාගත්තා.

ආරම්භක පිතිකරු හැරී ඩික්සන් ලකුණු 49ක් ඕස්ට්‍රේලියානු ඉනිමට එක්කළ අතර, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය රයන් හික්ස් නොදැවී ලකුණු 77ක් රැස්කළා.

ඒ, අනුව මෙම තරගයෙන් ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම කඩුලු 06ක ජයක් වාර්තා කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයට මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
8
+1
14
+1
6
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?