ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීම ලබන 11 වැනිදා

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී යි මේ බව තීරණය වී ඇත්තේ.

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 9 සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා මැයි 9 වැනිදා පමණක් පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වෙන්කර තිබෙනවා.

මැයි 9 අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා, අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 8ක්, ආනයන හා අපනයන (පාලන) පනතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත් වෙනවා.

මැයි 10 බදාදා පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා.

මැයි 11 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත් වෙනවා.

අනතුරුව පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමටද මෙහිදී එකගත්වය පළවී තිබෙනවා.

මැයි 12 වැනි සිකුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති ‘අස්වැසුම’ නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමට ද නියමිත බව ද ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51