spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා මන්ත්‍රී කණ්ඩායමක් චීනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සහ චීනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ජුනි 24 සිට 30 වනදා දක්වා චීනයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම මන්ත්‍රීවරුන් 12 දෙනා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් බවයි.

ඔවුන් චීන පාර්ශ්වයේ ආරාධනයකට අනුව ජුනි 24 සිට 30 දක්වා බීජිං, නින්ග්බෝ, ෂෙන්සෙන් සහ ගුවැන්ෂෝ වෙත සංචාරය කරනු ඇති.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, චීන ජාතික මහජන කොංග්‍රසයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහ නාගරික ආණ්ඩු නගරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමටයි සැලසුම් කර ඇත්තේ.

දුම්රිය මාර්ග, වරාය, විදුලි වාහන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආදී ක්ෂේත්‍ර අධ්‍යයනයන් ද මෙහිදී සිදු කෙරෙන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
3
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?