ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ පෙත්සම් තුනක පිටපත් කථානායකට

2026 ඔක්තෝබර් 20 දිනැති තම නිවේදනයේ සඳහන් පෙත්සම් තිහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

එමෙන්ම, 2026 ඔක්තෝබර් 07, 08 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් විසි පහට අමතරව, “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් එකොළහක පිටපත් සහ “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නා.