ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම සිදු කෙරුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ අද (14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී මෙම ගිවිසුම අත්සන් තැබීම සිදු කෙරුණු බවයි.

මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය විද්‍යා ක්ෂේත්‍රයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම තුළින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගෙන තිබෙනවා.

මෙම ගිවිසුමට එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයෙහි රියර් අද්මිරාල් Angus Essenhigh සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයේ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සිය රාජ්‍යයන් වෙනුවෙන් අත්සන් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ අන්තර් ජාතික ජල ශාස්ත්‍රිය සංවිධානයේ සභාපති (විශ්‍රාමික) රියර් අද්මිරාල් සිසිර ජයකොඩි, (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයේ නිලධාරීන් සමඟින් එක්සත් රාජධානියේ නියෝජිත නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

සිය ශ්‍රී ලංකා සංචාරයේදී රියර් අද්මිරාල් Essenhigh, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ දෙරට අතර උපායමාර්ගික ජල ශාස්ත්‍රිය සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික කටයුතු ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කළා.

මෙම ද්විපාර්ශ්වික විධිවිධාන මගින් ජල ශාස්ත්‍රිය ක්‍ෂේත්‍රය තුළ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ලබාදෙන තිරසාර සහයෝගය පිළිබිඹු කරනවා.

වර්තමානයේ ලෝකයේ ජාත්‍යන්තර සිතියම් සහ විද්‍යුත් නාවික සිතියම් ආසන්න වශයෙන් 75%ක් පමණ අලෙවි කරනු ලබන්නේ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය හරහා වන අතර, එය යටත් විජිත යුගයේ ස්ථාපිත වූ එහි සුවිශේෂී උරුමයක්.

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයට දැනට ජල ශාස්ත්‍රිය නිෂ්පාදන ගෝලීය වශයෙන් ස්වාධීනව අලෙවි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර පිළිගැනීම නොමැති බැවින්, එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සුදුසුම හවුල්කරුවා ලෙස හඳුනාගෙන තිබෙනවා.

WhatsApp Image 2025 02 14 at 13.54.37 1
WhatsApp Image 2025 02 14 at 13.54.36 2
WhatsApp Image 2025 02 14 at 13.54.39 2
WhatsApp Image 2025 02 14 at 13.54.38 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රේස් ඇවිත් වෙච්ච විනාශයක්..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33