ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර පාලනය රාජ්‍ය නායකයින්ගේ පැසසුමට

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවුණා.

එහිදී ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කළා.

දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිම හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී නායකයන් අවධානය යොමු කළ අතර, ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පාකිස්ථාන අගමැතිවරයා දැනුම්වත් කළ ජනාධිපතිවරයා වත්මන් රජය දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු ආර්ථික කළමනාකරණයක් සිදු කරමින් සිටින බව කියා සිටියා.

ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් පදනමක් එක් කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය නංවාලීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණා.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පැවැත්වුණු අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙස ආරාධනා කළා.

කාලගුණික විපර්යාසවලට මුහුණදීම, යහපාලනය, කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළව විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව පෙන්වා දුන් ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඇගයීමට ලක් කළා.

විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය බව සහ දූෂණයෙන් තොර පාලනය මෙහිදී ටෝනි බ්ලෙයාර් මහතාගේ විශේෂ පැසසුමට ලක් වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03