ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරගන්න – තලපති විජේගෙන් ලිපියක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු ධීවරයින් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙස තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමිනුයි තමිල්නාඩු මහ ඇමතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

මේ අතර ඊයේ (12) දිනයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් ප්‍රදේශයට අයත් ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ ලිපිය මඟින් තමිල්නාඩු මහ ඇමතිවරයා අවදානය යොමුකර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකවේ බන්ධනාගාර ගතව දැනටමත් ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු සිටින බවත්, බෝට්ටු 264ක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ ලිපිය මඟින් ඔහු වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ රඳවාගෙන සිටින ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙසයි තමිල්නාඩු මහ ඇමති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
17
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුරුදුවත්ත ප්‍රදේශයට නව බස් රථයක් ලබා දෙන්න ගිය ආණ්ඩු ප්‍රබලයා - ගොඩක් සතුටුයි.. ආරක්ෂා කරගන්නවා
03:48
Video thumbnail
මාල කඩපු හොරාට මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි - "හොරු තොපි හොරු..අනිත් එකා පැනලා දිව්වා"
05:14
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි - අලියගෙන් බේරෙන්න නිවැසියන් ගෙදරින් දුවලා
01:02
Video thumbnail
වාහන ගන්න බැරි තරමට මිල වැඩි වෙනවා - ආනයනයේදී එකතු කරන 15%ක බද්ද ගැන විශේෂ ප්‍රකාශයක්
07:56
Video thumbnail
රාජපක්ෂ හොරුන්ටත් වඩා බයානක හොරු රැලක් මේ - නිරෝෂන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:50
Video thumbnail
අනුරට දුන්නොත් රට ඉවරයි කියලා අපි කිව්වනේ - ජනපති කළේ අධිකරණයට අපහාස කිරීමක්
03:47
Video thumbnail
බැට් කරන්න විකට් එක දෙන්න එපැයි..අරකේ මහත් හොරු මේකේ හැකර් හොරු
04:15
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ
00:44
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ - සොරා මිනිස්සු ඉස්සරහා හඬා වැටෙයි
01:13
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38