සෞදි අරාබියේ දම්මාම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (12) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සියලු ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා දසත නිවුස් සමඟ සඳහන් කළේ.
මෙම තීරණය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් පිළිබඳව අද (12) පස්වරුවේ ශ්‍රීලන්කන් ගුවන් දෙවය දැනුම්දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර හූති සටන්කාමීන් සෞදි අරාබියේ දම්මාම් ගුවන් තොටුපළට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
