ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කරනවා.

වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබාගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබාදීමට තම රජය සූදානම් බව අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින්.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන පරමාර්ථයයි.

ඒ, අනුව අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමෙනවා.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර, 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය කෙරුණා.

මෙහිදී සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර, ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 03 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කිරීමේ හැකියාව සම්මානලාභීන්ට හිමිවනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේ කොටස්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බවයි.

වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදාගැනීම සඳහා තරඟයක් ඇති වී තිබීම තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

අද වෙළෙඳපොළ ලෝක දාමයක් බවට පත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි පාර්ශ්වකරුවකු බවට පත් වීමට රටට හිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතු බවත් දඩබ්බර, හිතුවක්කාර දරුවකු ලෙස වෙළෙඳපොළ ආක්‍රමණය කළ නොහැකි බවත් අවධාරණය කර සිටියා.

එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන පරිදි නව භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසුවා.

විදුලිබිල අඩුවීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළා.

රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් වනු ඇති බැවින් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

රටේ ආර්ථිකය නඟා සිටුවීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස අපනයනකරුවන්ගේ ඉල්ලීම්, මේ වන විට සකස් කර ගෙන ඇති අත්තිවාරම නොබිඳෙන ලෙස ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩි පිළිවෙළට ප්‍රවේසම් සහගතව යොමු වී ඇති බවත් ඒ අසීරු කඩඉම අන්‍යෝන්‍ය අවබෝධයෙන් පියමං කිරීමට එක් වන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29