Empty Ad
Empty Ad
AFC Banner

වෛද්‍යවරුන් දෙදෙනෙකු කල භයානක ජාවාරමක සුළ මුල හෙලිවෙයි

වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වකුගඩු ජාවාරම වෛද්‍යවරුන් දෙදෙනකු විසින් සිදුකරගෙන යන බවයි වාර්තාවන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විනය රෙගුලාසිවලට අනුකූලව වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට කමිටුව වෙත මූලික ක්‍රියාමාර්ග යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ ප්‍රකාශ කළේ.කොළඹ හැව්ලොක් පාර පදිංචි වෛද්‍ය රුවන් එම්. ජයතුංග මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර මෙම වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ සේවය කරන බවද අනාවරණය වෙයි. වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද ලිපියක් යොමු කර තිබේ. ඒ විමර්ශන සිදු කරන ලෙස ඉල්ලමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?