වෙන්නප්පුව මුහුදේ දිය පහරට අතුරුදන් වූ තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

වෙන්නප්පුව – වෙල්ලමංකරය මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තිදෙනෙකුගේ සිරුර මේ වන විට (14) හමු වී ඇති නමුත් හලාවත දැදුරුඔයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර මෙතෙක් හමු වී නොමැති බව පොලීසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (13) සවස 5.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

මුහුදේ දිය නෑමට ගිය සිව්දෙනෙකු මුහුදු රළ පහරට හසු වී අතුරුදන් වී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

ඒ අතරින් බගවන්තලාව පදිංචි උදයකුමාර් නම් වූ 17 හැවිරිදි තරුණයෙකුව එම අවස්ථාවේදී ම බේරාගෙන 1990 ගිලන් රථයකින් මාරවිල
මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු අතරමග දී මියගොස් තිබෙනවා.

අතුරුදන් වී සිටි සෙසු තිදෙනාගේ සිරුර සොයා ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ මෙහෙයුමක් දියත් කළා.

එහිදී බගවන්තලාවේ පදිංචිකරුවන් වූ පලස්තියන් සරත් රාජ් (අවු:17) සහ පලස්තියන් අජිත් කුමාර් (අවු:17) යන සහෝදරයින්ගේ සිරුර හමු වී තිබෙනවා.

ඔවුන් සමග දිය නෑමට ගිය වෙන්නප්පුව – වයික්කාල පදිංචිකරුවෙකු වන සෙල්ලමුත්තු සෙල්වරාජ් (අවු:53) යන අයගේ සිරුර මෙතෙක් හමු වී නැහැ.

මේ අතර,13 වැනිදා සවස හලාවත දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි මාතලේ – උඩස්ගිරිය පදිංචිකරුවෙකු වන කේ.පී.රවීන්ද්‍ර දිනේෂ් (අවු:27) යන අය දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

එම අයගේ සිරුර ද තවමත් හමු වී නැහැ.

නාවුක හමුදාව සහ ප්‍රදේශවාසීන් අතුරුදන් වී ඇති අයවලුන්ගේ සිරුර සොයා මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?