වෙඩි වැදුණු ධීවරයින් බැලීමට ඉන්දීය කොන්සල් ජනරාල් යයි

මෙරට නාවික හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන ඉන්දීය ධීවරයින්ගේ තත්ත්වය නිරීක්ෂණයට ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා ඊයේ (28) පැමිණියා.

ඒ යාපනය ශික්ෂණ රෝහල වෙත යි.

මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් දෙදෙනකුට වෙඩි තබා තිබෙන අතර ඊට හේතුව වී ඇත්තේ නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ දැරීම බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තුවාල ලැබූ දෙදෙනකු රෝහල්ගත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර තවත් ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව අත් අඩංගුවට ගෙන යාපනය – කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්‍යාලයට භාර දුන්නා.

දණහිසෙන් පහළට වෙඩි තැබීම් සිදු කර ඇති බවත් කිසිදු ධීවරයෙකුගේ තුවාල බරපතළ නොවන බවයි පැවසෙන්නේ.

තුවාලකරුවන් නිරීක්ෂණයට යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

කෙසේවෙතත් ඉන්දීය ධීවරයින් වෙත මෙරට නාවික හමුදාව විසින් වෙඩි තැබීම ගැන ඉන්දීය රජය
සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17