AFC Banner
Empty Ad
Empty Ad

වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා රෝහල් කටයුතුවලට බාධා

රජයේ නව බදු සංශෝධනවලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනය තුළ ක්‍රියාත්මක කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති එක්දින වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල බදුල්ල මහා රෝහල මෙන්ම මහනුවර මහා රෝහල ඇතුලු රෝහල් රැසක කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නව බදු සංශෝධනවලට විරෝධය පළකරමින් බැංකු සේවකයින් ද අද විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාජ්‍ය බැංකු අද පෙරවරු 10.30 පමණ වන විට වසා දමා තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?