වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත මගින් වී සහ සහල් මිල දී ගැනීම, අලෙවි කිරීම, සැපයීම, කෙටීම, පෑහීම සහ සකස් කිරීම ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා මණ්ඩලයක් පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සහ ඊට අදාළ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් වන ආනුෂාංගික කරුණු සඳහා නෛතික විධිවිධාන සලස්වා තිබෙනවා.

එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිඳු සංශෝධනයක් සිදු කර නොමැති යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇත්තේ.

එම පනතේ සඳහන් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් දැනට ගැටලුවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා පනතේ අදාළ විධිවිධාන කඩිනමින් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06