වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත මගින් වී සහ සහල් මිල දී ගැනීම, අලෙවි කිරීම, සැපයීම, කෙටීම, පෑහීම සහ සකස් කිරීම ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා මණ්ඩලයක් පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සහ ඊට අදාළ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් වන ආනුෂාංගික කරුණු සඳහා නෛතික විධිවිධාන සලස්වා තිබෙනවා.

එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිඳු සංශෝධනයක් සිදු කර නොමැති යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇත්තේ.

එම පනතේ සඳහන් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් දැනට ගැටලුවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා පනතේ අදාළ විධිවිධාන කඩිනමින් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16