ෆ්ලයිඩුබායි ගුවන් යානයේ සිදුවීමට මුහුණ දී මගී ජීවිත සිය ගණනකගේ ජීවිත බේරාගත් ෆ්ලයිඩුබායි ගුවන් නියමු කපිතාන් ස්මිත් මච්චාර්ගේ සුවදුක් විමසීමට ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් රෝහලට ගොස් තිබෙනවා.
අඩි දහස් ගණනක් උඩුගුවනේ දී FZ1073 ගුවන් යානයේ සිදු වූ බරපතල ආරක්ෂක සිදුවීමේ දී ඔහුගේ ධෛර්යය සහ ක්‍රියාමාර්ග අගය කිරීමටත්, මිනිස් ජීවිත කෙරෙහි දැක්වූ ධෛර්යය සහ සැලකිල්ල වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කිරීමටත්
ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙහිදී කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ පූර්ණ අගය කිරීම සහ ප්‍රශංසාව කපිතාන් ස්මිත් මච්චාර් වෙත හිමිවන බවත්,
ඔහු තම කණ්ඩායමේ සහ ජාතියේ කොටසක් ලෙස සිටීම ගැන රට ආඩම්බර වන බවත් කුමරු මෙහිදී පවසා තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 30 වන දින FZ1073 ගුවන් යානය ඩුබායි සිට ටෙල් අවිව් දක්වා ගමන් කරමින් සිටියදී නියමු කුටිය තුළ දී සහායක නියමුවාගේ ප්‍රහාරයකට ලක්වීමෙන් කපිතාන් මච්චාර් බරපතල තුවාල ලැබුවා.
ඔහුගේ තුවාල නොතකා, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ මගීන්ට මැදිහත් වීමෙන් ගුවන් යානය ආරක්ෂිතව සෞදි අරාබියේ ටබුක් වෙත ගොඩබස්සවා මගීන් සිය ගණනකගේ දිවි රක ගැනීමට සමත් වුණා.










