විහාර මහාදේවී සත්‍යග්‍රහයට නිකුත් කර ඇති ආඥාව වෙනස් කරනේ නැහැ – අධිකරණය නියෝග කරයි

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (22) ලබා දී තිබූ ආඥාව වෙනස් කළ නොහැකි බවත් අදාළ ආඥාවට එරෙහිව යම් දෙයක් සිදු වු⁣⁣වහොත් දණ්ඩ නිති සංග්‍රහයෙන් අවශ්‍ය පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (23) නියෝග කළා.

විහාර මහාදේවී උද්‍යානයේ උද්ඝෝෂණය සිදුකරන පිරිස සහ නීතිපතිවරයා විසින් අද (23) දින මෝසම් පත්‍ර දෙකක් ගොනු කර තිබුණා.

ඉන් උද්ඝෝෂණය නිරිත පිරිස සිය මෝසම් පත්‍රය ගොනු කරමින් ඊයේ (22) දින අධිකරණයෙන් ලබා දුන් ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට මෙලෙස ඉල්ලා තිබුණා.

නීතිපතිවරයා වෙනුවෙන් ඉල්ලා තිබූ මෝසම් පත්‍රය මගින් අදාළ නියෝගය කියවා දුන් පසුත් එම ප්‍රදේශයේ රැදි සිටි පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ඉල්ලා සිටියා.