විසිදෙකට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට තිබූ කාලය අදින් අවසන්

රජය විසින් පාර්ලිමේන්තුව ඉදීර්පථ් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අද (31) දිනයෙන් අවසන් වනවා.

පසුගිය 18 වනදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ, අනුව ඊට විරුද්ධ ශ්‍රී ලංකා නීතීඥ සංගමය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.

අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති දෙකක කාලයක් ඊට එරෙහිව විරෝධතා පෙතම් ගොනු කිරීමට කාලය හිමි වුණා.

ඒ, අනුව එලෙස ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ දක්වා පෙත්සම් 27ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඊට පක්ෂව පෙත්සම් 03ක් ඉදිරිපත් කර තිබෙනවා.