රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත්තේ.

පසුගිය සෙනසුරාදා දිනයේ ඔහුට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, එදින ඔහු එහි පෙනී සිටියේ නැහැ.

ඒ, අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගැනීමට මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වුණේ.