පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (31) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයාට පසුගිය සෙනසුරාදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා එදින එම කොමිසම හමුවේ පෙනී නොසිටි අතර, ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට එදින අල්ලස් කොමිසමේ නිලධාරීන් මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් තිබුණා.
කෙසේ වෙතත් ඔහු නිවසේ නොසිටි අතර, අද (31) දිනයේ අල්ලස් කොමිසම හමුවේ මන්ත්‍රීවරයා පෙනී සිටින බව ඔහුගේ නීතිඥවරුන් දැනුම් දුන්නා.













