විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයවන අහමදාබාත්හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙවර අවසන් මහා තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සුදුකම් ලබා සිටිනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පළමු පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, දෙවන අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

පන්දුවාර විස්ස විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව මීට පෙර අවස්ථා තුනක දී සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා දෙකකදී ඔවුන් ශූරතාවය හිමිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමට තවමත් එක්දින හෝ විස්සයි විස්ස ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැති අතර, සිය කුළුඳුල් විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මිචෙල් සැට්නර් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම අද තරග බිමට පිවිසෙනු ඇති.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස කිරුළු දරා සිටින ඉන්දීය කණ්ඩායම සූර්ය කුමාර් යාදෙව් ප්‍රමුඛව අද නරේන්ද්‍ර මෝදී ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ ශූරතාවය රැකගැනීමේ අරමුණින්.

මේ අතර ඉන්දියාව තවමත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී නවසීලන්තය පරාජය කර නොමැති අතර දෙපිළ එරෙහිව මීට පෙර පවත්වා ඇති තරඟ තුනම ඉන්දියාව පරාජය වී තිබෙනවා.

ඒ, අනුව අද (08) පැවැත්වෙන අවසන් මහා තරගය ඉන්දීය මාධ්‍ය හඳුන්වා තිබුණේ “කිවි ශාපයට” එරෙහි සටනක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29