Thursday, January 16, 2025
Empty Ad
AFC Banner
AFC Banner

විශේෂ පොලිස් මෙහෙයුම දින කිහිපයක් තාවකාලිකව නවතී

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුම දින කිහිපයක් තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ 24, 25 සහ 26 දිනවල මෙම විශේෂ මෙහෙයුම තාවකාලිකව නතර වන බවයි.

මේවන විට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නිරතවන අතර එම නිලධාරීන්ට නත්තල් දින දෙකෙහි සහ පොහොය දිනයේ දේවස්ථාන ආරක්ෂාව වැනි ආරක්ෂක කටයුතු වෙනුවෙන් ද කටයුතු කිරීමට සිදුවී තිබීම මීට හේතුවයි.

එමෙන්ම උත්සව සමයේ මාර්ගවල රාජකාරී කටයුතු කිරීමට වැඩි වගකීමක් රථ වාහන අංශ භාර පොලිස් නිලධාරීන්ට පැවරී තිබීම ද හේතුවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

මෙම දිනවල යුක්ති මෙහෙයුම අඩු කිරීමක් පමණක් සිදු වන අතර සම්පූර්ණයෙන් නතර කිරීමක් සිදු නොවන බව ද නිහාල් තල්දූව මහතා අවධාරණය කළා.

මෙය මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නතර කිරීමක් නොවන බව ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ එලෙස නතර කළ හොත් පසුගිය දිනවල සිදු කළ සාර්ථක මෙහෙයුම්වලින් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි.

යුක්ති මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ද 17 වනදා සිට 23 වනදා දක්වා සතියක කාලයක් සඳහා බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ලංකාවෙ තහනම් - වෙළඳ දැන්වීම්
04:38
Video thumbnail
ඖෂධ හා ශල්‍ය උපකරණවල මිල අඩුවෙන්නේ මෙහෙමයි
08:32
Video thumbnail
අවු: 14 පුංචි කෙල්ලට - අවු:54 ප්‍රේමවන්තයා - කතාකරන්නේ "දෝණි" කියලලු
03:09
Video thumbnail
ආණ්ඩුවට එරෙහි පළමු ශිෂ්‍ය විරෝධය
09:19
Video thumbnail
මල් කැකුළක් වගේ කෙල්ලට වයස අවු: 14 - ප්‍රේමවන්තයට අවු: 54යි - ළමා හිංසන වැඩිවෙන්න හේතුව මෙන්න
05:55
Video thumbnail
ඔහු ආරක්ෂක අංශයේ ඉහළම නිළධාරියෙක් - මල් කැකුළකට කරපු කැත වැඩේ මෙන්න
01:33
Video thumbnail
වරාය නියොජ්‍ය ඇමති ඔරුගොඩවත්ත RCT අංගනයට හදීසියේ කඩාපනී
06:14
Video thumbnail
පොලීසිය තාප්පයෙන් පැන බලයේ සිටින ජනපති අල්ලාගෙන ගිය හැටි #globalnews #international
07:47
Video thumbnail
ඩිජිටල් හැඳුනුම්පතත් ඉන්දියන් කොළනියක් ද? - වසන්තගෙන් විශේෂ හෙළිදරව්වක්
10:02
Video thumbnail
Breaking news 🛑චීනයත් සමග ජනපති අනුර අත්සන් කරපු දේවල්
01:24

?