විශ්‍රාමිකයින් ට වැදගත් පණිවුඩයක්

2016 වසරේ ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලු රජයේ සේවකයින් සඳහා අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

දැනට 2016 වසරේ ජනවාරි මස පළමුවනදායින් පසුව විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීම සිදු කෙරෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයින් සඳහා රුපියල් 400 ක මාසික වාරික මුදලක් සහ වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයින් සඳහා රුපියල් 600 ක මාසික වාරික මුදලක් අය කරගැනීම යටතේ එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ දායක මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් අයකර මාසිකව ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ප්‍රේෂණය කිරීමට නියමිතය.

රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සියලුම විශ්‍රාමිකයින් සඳහා අදාළ වන මෙම රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ විශ්‍රාමිකයින් සඳහා ජීවිතාන්තය දක්වා හිමිවන අතර ඔවුන්ගේ  කාලත්‍රයා, අනත් දරුවන්ට හෝ ආබාධිත දරුවන්ට මෙම ප්‍රතිලාභ හිමි නොවන බව සඳහන් වේ.

මෙම රක්ෂණ ක්‍රමය සඳහා සුදුසුකම් ලබන නමුත් එහි දායකයින් වීම සඳහා එකඟතාව පළ නොකරන සියලු විශ්‍රාමිකයින් ලබන 15 වනදාට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් අංශයන් වෙත දැනුම් දීම සිදුකළ යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09