‘විශ්ව බුද්ධ’ රාමඤ්ඤ නිකායෙන් පන්නයි – භික්ෂුභාවයත් අහෝසි (වීඩියෝ)

‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි රත්නපුරේ විමල බුද්ධ හිමිව සාමණේරභාවයෙන් නෙරපීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය තීරණය කර තිබෙනවා.

පසුගිය දා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාමඤ්ඤ නිකායේ මෙම තීරණය මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමියන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

ශාසනයට සිදුකරන ලද හානිය පදනම් කරගනිමින් රත්නපුරේ විමලබුද්ධි හිමි නිකායෙන් නෙරපීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය සඳහන් කරන්නේ.

එමෙන්ම මොහුගේ භික්ෂුභාවය අහෝසි කිරීමට ද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කටයුතු කර තිබෙනවා.

මේ අතර අද (21) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ’ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, මෙම චීවරධාරියා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (21) දහවල් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47