විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උ.පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් තව දුරටත් ඉවතට

පැවති සාකච්ඡා පිළිබඳව සාධනීය තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරනවා.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී නොවීම එය අඩාලවීමට ප්‍රධාන හේතුව වූ බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දී දිනකට ලබාදෙන දීමනාව කම්කරුවෙකුගේ දෛනික වැටුප තරම්වත් නොමැති බවයි.

මේ අතර, 2023 වර්ෂයට අදාළ පළමු පාසල් වාරයේ 01 වන අදියරේ පාසල් නිවාඩුව එළඹෙන අප්‍රේල් මස 05 සිට 16 වන දින දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?