විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගනු ලබන උත්සාහයන්ට විරුද්ධ විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සගාර කාරියවසම්ගේ අතසනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව විසින් ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයක් දරාන බවට එම නිවේදනයේ සඳහන් කර ඇති අතර එයට විරුද්ධ විය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදින් නිකුත් කර තිබෙන එම නිවේදනයේ උපුටා ගැනීමක් පහතින්,

”දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව දරනු ලබන්නා වූ ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධ විය යුතුය.

දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව දරනු ලබන්නා වූ ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධව මේ රටේ ඉතා විශාල ජනතා මතයක් ඇතිව තිබෙන බව අපි නිරීක්ෂණය කරමු.

අප පක්ෂයක් වශයෙන් දිගින් දිගටම මෙම පහත් උත්සාහයට එරෙහි වූයේ එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන බැවිනි.

අද දිනයේදී විනිශ්චකාරවරුන්ගේ සංගමය විසින් සම්මත කොට ඇත්තේ මෙම තීරණයට විරුද්ධ විය යුතු බවයි. රටේ විනිශ්චකාරවරුන් විසින්ම මෙම ආණ්ඩුවේ කූට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයට විරුද්ධව හඬක් නැගීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් විසින් ඉතා ඉහලින් සලකා බැලිය යුතු කරුණකි.

වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන අවශ්‍යතා මත ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ සේවකාලය දීර්ඝ කිරීමට දරන්නා වූ මෙම නිර්ලජ්ජිත උත්සාහයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ එකමුතු කොට හඬක් නැගිය යුතු බවට පසුගිය සතියේ අප පක්ෂයේ ජාතික සංවිධායකතුමා විසින් මේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබූ අතර එම කරුණ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි මම විශ්වාස කරමි. අප මව්බිමෙහි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේදී එයට එරෙහිව කුමන තර්ජන හා බලපෑම් ඇතිවුවද ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා උපරිම කැපවීම කරන බවටත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13