සැමියාව පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කලාට බිරිඳ වසර 08කට පසු අල්ලයි

විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එම සෙබළාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ, අනුව ඊයේ (07) දහවල් කිරිඳිවැල පොලිස් වසමේ නාරංගස්පිටිය ප්‍රදේශයේ දී අදාළ සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

2018 වසරේ 09 මස 09 දින අදාළ විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා.

එම අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවුරුදු 49ක් වන මෙම සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36