සැමියාව පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කලාට බිරිඳ වසර 08කට පසු අල්ලයි

විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එම සෙබළාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ, අනුව ඊයේ (07) දහවල් කිරිඳිවැල පොලිස් වසමේ නාරංගස්පිටිය ප්‍රදේශයේ දී අදාළ සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

2018 වසරේ 09 මස 09 දින අදාළ විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා.

එම අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවුරුදු 49ක් වන මෙම සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04