විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් කඳුකරයේ විශේෂ චාරිකාවක (ඡායාරූප)

වසර 75ක නිදහස සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ කඳුකරයේ විශේෂ චාරිකාවක නිතර වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු සඳහා හඳුනාගැනීමේ විශේෂ “ඇල්ල ඔඩිසි” චාරිකාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කර තිබුණා.

ඇල්ල ඔඩිසි චාරිකාව ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සැපිරීම සනිටුහන් කරමින් සංවිධානය වූ අතර එය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මනරම් කඳුකරය නැරඹීම සඳහා සංවිධානය කෙරුණ මෙම චාරිකාව ජූලි 01 සිට 03 වනදා දක්වා සිදු කෙරුණා.

මෙරට යටත් විජිත අතීතය සිහිපත් කරන විශේෂිත දුම්රියක් වන වයිස්රෝයි ස්පෙෂල් (Viceroy Special) දුම්රියෙන් දූත පිරිස මෙම චාරිකාවේ නිරත වී තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඇල්ල මාර්ගය ඔස්සේ ශීත කඳුකරයට මහනුවර සිට නුවරඑළිය දක්වා ගමන් ගන්නා අතරතුර, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආගන්තුක සත්කාරය විඳිමින් ශාන්ත ක්ලෙයාර් ඇල්ල, ජෛව විවිධත්වයෙන් යුත් නකල්ස් කඳුවැටිය සහ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල ද රට අභ්‍යන්තරයේ සශ්‍රීක හා මීදුම සහිත කඳුකර භූ දර්ශනවල සැඟවී ඇති වික්‍රමයන් ද අත් විදිමින් ගමන් කළා. අතීත යුගයේ භාවිතා කළ දුම්රිය සංඥා ක්‍රියාවලියක් සහ තවමත් මෙරට දුම්රිය මාර්ගවල ඉතා සූක්ෂම ලෙස පිළිපදින සංඥා ටැබ්ලට් පද්ධතිය නැරඹීමට ද ඔවුන්ට අවස්ථාව සැළසී තිබෙනවා.

තවද මෙම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා විට දැකිය හැකි 20 වන සියවසේ විශ්මය ජනක ඉදිකිරීමක් වන ඇල්ල ආරුක්කු නවයේ පාලම සහ දෙමෝදර දුම්රිය ගැටය ද මෙම විදේශීය දූත පිරිසට නැරඹීමේ අවස්ථාව උදා වුණා.

යටත් විජිත ඉතිහාසයෙන් හා ශ්‍රේෂ්ඨත්වයෙන් පිරුණු ජාතික උරුමයක් වන නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේදී විදේශිකයන් අතර ජනප්‍රිය ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට ද පේද්‍රෝ තේ වතුයායෙදී ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ කෝප්පයක රස බැලීමට ද ඔවුන්ට අවස්ථාව හිමි වීම විශේෂත්වයක්.

නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හමුවීමට ද මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි වුණා.

මෙම විශේෂ චාරිකාවට අනුග්‍රහය දක්වන ලද්දේ ඊට සහභාගි වූ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනුයි.

කඳුකරයේ විශේෂ චාරිකාව හරහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ 75 වසරක ඵලදායි සබඳතාවය සිහිපත් කරන අතර ශ්‍රී ලංකාවේ ඇති විවිධ ස්ථානීය වටිනාකම් සහ සංචාරක ආකර්ෂයන් ප්‍රවර්ධනය කිරීමට ද එය ඉවහල් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එසේම රට නැවත ස්ථාවරත්වයට පත්ව ඇති බවටත් මෙරට විශිෂ්ඨ සබඳතා සහ ශ්‍රී ලාංකිකයන්ගේ විවෘත, මිත්‍රශීලීත්වය ලොවට අවධාරණය කිරීමටත් මෙමඟින් අවස්ථාව හිමි වූ බවයි ඔවුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?