AFC Banner
AFC Banner
Empty Ad

විදේශිකයන්ට මෙරට ලයිසන් එසැණින් ගන්න ක්‍රමයක්

මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් මස 15වනදා සිට එය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අදාළ විදේශිකයන්ට ගුවන් තොටුපළේදීම රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට එය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලද මාර්තු මස 01වනදා ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22)දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සන්ධානේ නායකයා වෙන්න ඕනි සජිත් ප්‍රේමදාස - හිරුණිකා ඇඬූ කඳුලින් කිව්ව කතාව
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#න නඩුවේ නිතිපතිගේ ක්‍රියාකලාපය ගැනකිරිඇල්ලගෙන් හෙළිදරව්ව
02:28
Video thumbnail
වඳුරෙක් නිසා මාලිමාවට වෙච්ච දෙයක් - හඳුන්නෙත්තිගේ හඬපටයකුත් එළියට
09:34
Video thumbnail
රටක් අඳුරු කරනකොට මිනිස්සුන්ට වෙන පාඩුවට - කවුද වන්දි ගෙවන්නේ ? #shortsvideo
00:34
Video thumbnail
රට අනුරට ගියාම - මුළු රටම අඳුරු වුණා #powercut #npp
16:40
Video thumbnail
අදත් ප්‍රදේශ රැසක විදුලිය කැපේ...
01:39
Video thumbnail
මොන වඳුරා බොරු කියනවද? මොන වඳුරා ඇත්ත කියනවද මන්දා...
16:35
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දේශපාලන ලොකේ කාබාසිනියා කාරයෙක්
00:17
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දේශපාලන ලොකේ අන්ත කාබාසිනියා කාරයෙක්.
08:41
Video thumbnail
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනපති හරසරින් පිළිගැනේ
00:16

?