ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් අතර, විදේශයන්හි නිශ්චල දේපළ මිළ දී ගැනීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල පළ කරන ලද වෙළඳ දැන්වීම් මෑතක දී නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ, අනුව මෙම වෙළඳ දැන්වීම් මඟින් එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ද මඟ පෙන්වීම් ලබාදෙන බවට නිරීක්ෂණය වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ.
විදේශයන්හි දේපළ ආයෝජන ප්‍රවර්ධනය කරමින් සහ එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳව මග පෙන්වීම් සිදුකරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළ කරනු ලබන වෙළඳ දැන්වීම් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.
එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුකරන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.