විදෙස් තරුණියගේ ගමන් මල්ල ඉස්සූ පුද්ගලයා රිමාන්ඩ්

පිටකොටුව බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවතුම්පොලේ බස් රථයක් තුළ දී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකගේ ගමන් මල්ලක් හා මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

පිටකොටුව පොලිසිය විසින් අදාළ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට අද (31) ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරු විසින් සොරා ගත් බව කියන බ්‍රිතාන්‍ය ජාතික තරුණිට අයත් ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ද්‍රව්‍යයන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බවට පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ විදෙස් තරුණිය ඇල්ල බලා පිටත්වයාම සඳහා පිටකොටුව බැස්ටියන් බස් නැවතුම්පොලේ බස් රථයට ගොඩ වී සිටින අවස්ථාවේ මෙම සොරකම සිදුවී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39