විදෙස් තරුණියගේ ගමන් මල්ල ඉස්සූ පුද්ගලයා රිමාන්ඩ්

පිටකොටුව බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවතුම්පොලේ බස් රථයක් තුළ දී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකගේ ගමන් මල්ලක් හා මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

පිටකොටුව පොලිසිය විසින් අදාළ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට අද (31) ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරු විසින් සොරා ගත් බව කියන බ්‍රිතාන්‍ය ජාතික තරුණිට අයත් ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ද්‍රව්‍යයන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බවට පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ විදෙස් තරුණිය ඇල්ල බලා පිටත්වයාම සඳහා පිටකොටුව බැස්ටියන් බස් නැවතුම්පොලේ බස් රථයට ගොඩ වී සිටින අවස්ථාවේ මෙම සොරකම සිදුවී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37