යාපනය, පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා අදාළ හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර, භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
2
+1
+1
1
















