විදුලි බිලට එරෙහි ව පාරට බැස්ස හිමි නමක් ඇතුළු 06 අත්අඩංගුවට

‍ශීඝ්‍රයෙන් වැඩිවෙන විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි ව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ පූජ්‍ය පක්ෂයෙ හිමිනමක් ඇතුළු හයදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අත් අඩංගුවට ගැනීම සිදු ව ඇත්තේ අධිකරණයෙන් වාරණ නියෝගයක් ද තිබෙන පසුබිමකදී බවයි.

මෙම විරෝධතාව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබුවා.

ඒ දිවුලපිටිය මංසන්ධියේ සිට කොළඹ තෙක්.

මෙම පාගමන ආරම්භයේදී ම පොලිසිය දැනුම්දී තිබුණේ පා ගමන සිදු නොකරන ලෙසටයි.

ඒ වනවිටත් විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසකට එරෙහිව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

නමුත් එය ද නොතකමින් කලහකාරී ලෙස පා ගමන සිදු කිරීම හේතුවෙනුයි උද්ඝෝෂකයින් ව දිවුලපිටිය පොලිස් අත් අඩංගුවට ගැනුණේ.

මේ වනවිටත් සැකකරුවන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා තිබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23