Empty Ad
AFC Banner
AFC Banner

විදුලි පාරිභෝගිකයින්ට පොළියක් ගෙවන්න ලංවිම අධිකරණය ඉදිරියේ එකඟ වෙයි

අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොළියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකෙරුණා.

මෙම පෙත්සම අද, එස්.තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරන දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා සියයට 11.67 ක වාර්ෂික පොළියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නා.

එම පොළිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියා.

මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වනදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ ලංකා විදුලි බල මණ්ඩල පනතේ 28(3) වගන්තිය යටතේ නව විදුලි සම්බන්ධතා ලබාදීම සඳහා පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල වෙනුවෙන් පොළියක් ගෙවීමට එම මණ්ඩලය කටයුතු කළ යුතු බවයි.

එහෙත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ දක්වා එවැනි පොළී ගෙවීමක් සිදුකර නොමැති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුදු වෙන්න ක්‍රීම් ගාපු නංගිලා අක්කලාට වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ
Video thumbnail
ජපනෙක් දවස් තුනක් හෝටලයක නැවතිලා දෙන්න ආපු ගේම් එක මොකක්ද ?
01:29
Video thumbnail
හාල් ප්‍රශ්නෙට අසේල ගත්ත කෝල් එක - මෙවුන් කතා නෑ සිංදු දාගෙන ඉන්නවා
11:28
Video thumbnail
ගහපු කොමිස් දරුවන්ට බෙදපු හැටි ඇමති බිමල් වේදිකාවට ගෙන්නලා කියපු හැටි
14:08
Video thumbnail
ගස් ගලවන් ගිය කඩුගන්නාවේ බස් අනතුරේ සජීවී දර්ශන
05:01
Video thumbnail
හොර පට්ටම්වලට වැඩේ දෙන්න නලීන් බණ්ඩාර පෙරට
16:04
Video thumbnail
රුසියාවේ වසරක ප්‍රගතිය - යුද්ධය සමග ජර්මන් ආර්ථිකයත් පසු කරයි #russia #globalnews
05:45
Video thumbnail
වසන්තගෙන් පොරොන්දුවක්
03:16
Video thumbnail
බොරුවක් ඇත්තක් වගේ කියන එක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්
21:21
Video thumbnail
මගෙන් ඇහුවා ජැක්සන් ඇන්තනී පොරක්ද කියලා - සිදුවුන අසාධාරණයට පිළිසරණක් පතනවා
06:27

?